
මංජුල සහ සංජු — එකම අරමුණකින් බැඳුණු දෙහදක්
කටාර් අහස යට, මව්බිමේ රසයත් ළෙන්ගතු හඬත් ඔබ වෙත…
අම්මාගේ මුළුතැන්ගෙයි රස සුවඳත්, ආදරණීයයන් සමඟ ගෙවූ සොඳුරු මතකත්, උපන් බිමේ උණුසුමත් — දුරු රටක වෙසෙන අපේ හදවත්වල සදා රැඳී තිබේ. ඒ මතකවල රසය කටාර්හි ඔබ වෙත සමීප කිරීම, වෙලෝන් නිර්මාතෘ මංජුලගේ සිහිනය විය.
අව්‍යාජ ශ්‍රී ලාංකේය ආහාර රසයෙන් ඇරඹුණු ඒ දැක්ම, අපේ ගීතයෙන් හා අපේ කතාබහෙන් මිනිසුන් එකිනෙකාට සමීප කරන ගමනක් බවට පත් විය. වෙලෝන් රේඩියෝ උපදින්නේ ඒ ළෙන්ගතු සිතුවිල්ලෙනි.
ඒ දැක්මට හඬ දෙන්නේ, රජරටින් ගුවන්විදුලි ලොවට පියමැන්න සංජුය. තම හැකියාවෙන් හා කැපවීමෙන් ගමන ගොඩනඟාගත් ඔහු, මව්බිමේ ගී රසයත් සිනහවත් සොඳුරු සංවාදත් ඔබේ දවසට රැගෙන එයි.
ඔබේ දිවට හුරු රසයත්, සවනට මිහිරි හඬත්…
මංජුලගේ දැක්මෙන්, සංජුගේ හඬින් — ඔබේම වෙලෝන්.